බලු වැලන්ටයින්
ලොවපුරා විසිර පැතිර සිටින ශ්‍රීලාංකීය බලු ආදරවන්තයින් (dog lovers)වෙත ඉමහත්වු ස්නේහයෙන් ලියමි.
ආදරය වනාහි උත්තරීතර වදනකි. වරෙක නන්දා මාලිනිය ගැයුවා සේ එය සද එලිය සේ අචින්තය , පාරිශුධයය, සුරමයය. ආදරය මිනිසුන්ට පමණක් ලඝු කොට දැක්වීම සුදුසු නැත.එය මුලු මහත් වු සත්ව සංහතියටම පොදුය. එහෙත් 50% ඉක්මවු ධරිධ්‍රතාවයෙන් පෙලෙන තුන්වන ලොකයේ රටක ජතක වු ඔබ අප හට එය අකමැත්තෙන් වුවද හුදෙක් මිනිස් දහමට ලඝු කීරීමට සිදුවනු ඇත.
මිනිසාගේ ආදිතම සුරතලා බල්ලාය.සමහරෙක් තමන්ගේ පාලුව කාන්සිය මකා ගැනීමට බල්ලන් ඇති කරයි. ඇතමුන් ආරක්ෂාවට බල්ලන් ඇති කරති.තවත් සමහරු සමාජ තත්ත්වය පෙන්නුම් කිරීමට බල්ලන් ඇති කරති.ඇල්සේෂන් ,පොමනේරියන් ,බුල් ඩොග් ඇති හැකි අය ඇති කරති.වල්ටේෂන් නැති බැරි අයගේ සුරතලාය. අඩි උස සපත්තු දැමු , කොට ගවුම් ඇදි තොල් පාට කල නොනලා "අනේ මගේ ස්වීටි" කියයි , දත් හැලුණු පට කම්බා ඇන්ද අත්තම්මලා ටොමී ඉජු කියයි. මිනිසුන් වන අපට කෙලෙස පෙනුනද බල්ලා බල්ලාමය. උන් අතර පංති බේද නැත.උන් අතර ජාති ,කුල බේද නැත.උන් අතර ඇත්තේ ස්භාවධර්මයා විසින් උපතින් දයාද කල ස්ත්‍රි පුරුෂ බේදය පමණි.
මිනිසාගේ පරම යුතුකම මිනිස් ප්‍රජාවට සේවය කිරීමය.එහි ප්‍රාථමික අදියර වනුයේ මිනිසා විසින් තම වර්ගයා බෝ කිරීමය.දෙවන අදියර එසේ බෝ කරගත් මිනිස් සත්ත්වයා රැකීමය.තවත් සත්ව ප්‍රජාවකට පෙම් කිරීමට පෙර මොලයෙන් උසස් මනු සත්වයා තම ප්‍රජාවට උත්තරීතර වු ආදරය දැක්විය යුතුය.බල්ලන් මිනිසුන් ජාතක නොකරයි, එසේම මිනිසුන්ද බල්ලන් ජාතක නොකරයි.එසේම සියලු සත්වයන් මුලිකත්වය දිය යුත්තේ පලමුව තම වර්ගයා බෝ කිරීම හා රැක බලා ගැනීමටය.මෙය ස්වභාව ධර්මයාගේ රීතියයි.එසේ නොකරන්නා ඕනම සත්ව ප්‍රජාවක නපුංසකයකු සේ හංවඩු ගැසෙයි.
මේ ගැනත් මොහොතක් සිතන්න.ඔබගේ බලු සුරතලාගේ දෛනික වියදමෙන් ලාංකීය කිරට හෑඩන කිරි සප්පයන් කී දෙනෙකුගේ බඩගිනි නිවිය හැකිද? ඔබගේ බලු සුරතලාගේ මාසික එන්නත් ගාස්තු මුදලෙන් ලාංකීය ලදරුවන් කීයකගේ ජීවිත ආරක්ෂා කල හැකිද?එසේ ඔබ ආරක්ෂා කල දරුවකු ලොකු මහත් වී මෙලොවට වැඩ දායී පුද්ගලයකු වී සිටිනු දැකීමෙ ත්ඍතිය ඔබට බලු සුරතලකුගෙන් ලැබිය හැකිද?. අන්ත අසරණව සිටින සුවසක් වු ශ්‍රිලාංකීය බිලින්දන් වෙනුවෙන් ඔබේ බලු කරුණාවෙන් අංශු මාත්‍රයක් වෙන් කරන්න. ඔබට පින්.
ලොව පුරා පැතිර සිටින සුවහසක් වු ශ්‍රිලාංකීය ජනයාගේ පහන් සංවේගය පිණිසයි.
Author: daminda dampahalage